කව්ද මේ || මොකක්ද මේ || ලකෆ්‍රෑන්ස්!!!!!

photoලකෆ්‍රෑන්ස්, මේ වෙනකොට සිංහල බ්ලොග් අවකාශෙට අලුත් චරිතයක් නෙමෙයි. ගොඩක් දෙනෙක් ලකෆ්‍රෑන්ස්ව අඳුරනවා. හැබැයි නමින් විතරයි. හැබැයි ඊට වඩා ගොඩක් දෙනා ලකෆ්‍රෑන්ස් ගෙ අම්මව නම් දන්නවා. ලකෆ්‍රෑන්ස් වුණත් ලකෆ්‍රෑන්ස්ම ද කියලත් දන්නේ නැති වෙලාවලුත් තියෙනවා. අනික ලකෆ්‍රෑන්ස්ලාත් දැන් වැහි වැහැලා. එකෙක් කියල හොයන්න බෑ. එයාද ලකෆ්‍රෑන්ස් මෙයාද ලකෆ්‍රෑන්ස්? කව්ද මේ ලකෆ්‍රෑන්ස්? මොකක්ද මේ ලකෆ්‍රෑන්ස් කරන්නේ? ඇයි මේ ලකෆ්‍රෑන්ස්? මෙන්න උත්තර!!!!!

කව්ද මේ ලකෆ්‍රෑන්ස්?
ලකෆ්‍රෑන්ස් ඇනෝනිමස් කෙනෙක්.

මේ ලකෆ්‍රෑන්ස් ඒ ලකෆ්‍රෑන්ස්ම ද?
අපෝ නෑ. ලොවෙත් නෑ. වෙන්න ඕනෙත් නැහැ. වෙන්න හදන්නෙත් නැහැ.

එතකොට මේ ලකෆ්‍රෑන්ස් ඒ ලකෆ්‍රෑන්ස් නෙමෙයිද?
වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. රෑ දනියෙල්-දවල් මිගෙල් / ජෙකීල්-හයිඩ් කියවල නැද්ද?

මොකක්ද ලකෆ්‍රෑන්ස් කරන්නේ?
කමෙන්ට් කරන එකයි බ්ලොග් පෝස්ට් ලියන එකයි.

ඇයි “මේ” ලකෆ්‍රෑන්ස්?
සිංහල බ්ලොග් අවකාශයේ ඇනෝනිමස් කොමෙන්ට්කරුවෝ සහ කාරිණියෝ ඇනෝනිමස් කමෙන්ට් කියන සංකල්පය නළලේ තියාගෙන ඉන්නේ. ඒ හේතු කීපයක් උඩ. ඒ ඔවුන්ගේ මහා සුචරිතවාදී සළුපිළි වලට හානියක් නොවී අනුන්ගේ රෙදි ගැළවිය හැකි නිසා. ඒ වගේම ඔවුන්ගේ මනෝරාජික සුන්දර ෆැන්ටසීමය බ්ලොග් ලෝකය සහ ඔවුන් ගේ සැබෑ ලෝකය අතර මොන කෙහෙල්මල් ගැළපීමක් වත් නැති නිසා. ඇනෝනිමස් අප් කරලා ඒ හරහා අනුන්ගේ රෙදි ගලවන්න, මඩ ගහන්න, චරිත ඝාතනය කරන්න ඉඩ දෙන ගොං පාට් එකට කෙළවලා ඒ ස්වයං වින්දනය සහ ස්වප්න මෝචනය හිරු දුටු තණ අග පිණිබිඳු මෙන් වාෂ්පකරලා දාන්නයි මේ ලකෆ්‍රෑන්ස් එන්නේ.

ලකෆ්‍රෑන්ස් ප්‍රතිපත්ති

  • ඕපදූප කුණු හොයනවා. ප්‍රචාරය කරනවා. විශේෂයෙන් තමන්ටම මඩ ගහ ගන්නවා.
  • සදාචාරයක් නෑ. ආයෙත් ලොවෙත් නෑ. ප්‍රතිපත්තියක් ඇත්තෙම නෑ.
  • සාමාන්‍යයෙන් කුණුහරුප කියන්නේ නැහැ. කිව්වොත් කරකවකවා ඉන්නේ නැහැ කෙළින්ම කියන්නේ.
  • මානුෂීය නෑ. අති අමානුෂිකත් නෑ. හැබැයි එහෙම උන් කරන බලු වැඩ වලට සමාවක් නැහැ. 
  • අවංකයි. හැබැයි වංකයි. එහෙම කියන නිසා අවංකයි. කොටිම්ම චතුෂ්කෝටිකයි. 
  • ණයට ගන්නවා හැබැයි ණය දෙන්නෙ නෑ. ගත්තු ණය නම් ලොවෙත් දෙන්නෙ නෑ. 
  • බොරු සුචරිතවාදීන්ට කැමති නෑ. එහෙම උන්ට පහර ගහන ඇනෝලාට කැමතිත් නෑ.
  • නයිකාරයන්ට, මඩකාරයන්ට, බොරුකාරයන්ට, ඕපාදූපකාරයින්ට සමාවක් නෑ.
  • විශේෂයෙන්ම ඇනෝ පිටින් තියලා බලු වැඩ කරන බල්ලන්ට බැල්ලියන්ට ලොවෙත් සමාවක් නෑ.

ලකෆ්‍රෑන්ස් වැඩ කරන විදිය

  • කමෙන්ට් දානවා. බ්ලොග් පෝස්ට් ලියනවා.
  • දුටු තැන පහර දෙනවා. පහර පිට පහර දෙනවා. පන්න පන්න පහර දෙනවා.
  • සතුරොත් නැහැ. මිතුරොත් නැහැ. 

අතුරු ප්‍රශ්ණ.

ලකෆ්‍රෑන්ස් ඇනෝනිමස් ආතල්ද? ඒකේ අවතාරයක්ද?
නෑ. ගෑවිලාවත් නැහැ. ගෑවෙන්න ඕනෙත් නැහැ.

ලකෆ්‍රෑන්ස් පෝස්ට් මකයිද?

යම් කෙනෙක් අහවල් පෝස්ට් එක තමන්ට ප්‍රශ්නයක්, ඒකේ තියෙන්නේ බොරු කියලා ලකෆ්‍රෑන්ස් දැනුවත් කළොත් අදාළ පෝස්ට් එක ඉවත් කරනවා. එහෙම ඉවත්කරන පෝස්ට් වෙනම තැනකින් පෙන්නනවා.

ලකෆ්‍රෑන්ස් කමෙන්ට් මොඩරේට් කරයිද?
නෑ කියල තමා මුලින් කිව්වේ. කවදාවත් නෑ කියලත් කිව්වා. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උපරිමයි කිව්වා. හැබැයි ඒ වුණත් අර කලින් කොටසේ කිව්වා වගේ ලකෆ්‍රෑන්ස්ට ප්‍රතිපත්තියක් නෑ.

ලකෆ්‍රෑන්ස් කමෙන්ට්වලට උත්තර දෙනවාද?
වෙලාව තියෙන හැටියට.

ලකෆ්‍රෑන්ස් කුණුහරුප මකයිද?
ලකෆ්‍රෑන්ස්ට මොන කුණුහරුපෙන් බැන්නත් මකන්නේ නැහැ.
වෙනත් කෙනෙක්ට කුණුහරුපෙන් බැනලා තිබ්බොත්, ඒ පුද්ගලයා ලකෆ්‍රෑන්ස්ගෙන් ඉල්ලීමක් කලොත්, කුණුහරුප විතරක් මකනවා.
කමෙන්ට් එකේ තියෙන්නේ කුණුහරුප විතරයි නම් මුළු එකම මකනවා.

ලකෆ්‍රෑන්ස් ලියන්නේ වර්තමානය විතරද?
නෑ. අතීතය, වර්තමානය, අනාගතය මේ ඔක්කෝගේම වෙච්ච දේවල්, වෙන්න තියෙන දේවල් ලියනවා.

අනිත් අයගේ අදහස්වලට ලකෆ්‍රෑන්ස් ඉඩදෙයිද?
ඔව්. හැමවෙලාවේම ඉඩ දෙනවා. ඕනෙම කෙනෙක්ට ලකෆ්‍රෑන්ස්ට ලියන්න පුළුවන්. ලකෆ්‍රෑන්ස් ප්‍රචාරය කරනවා.

හිතේ තියෙන ඕනෙ දෙයක් මෙතන කියන්න පුළුවන්ද?
ඔව්. ඕනෙම දෙයක් කියන්න පුළුවන්.

ලකෆ්‍රෑන්ස් එක්කෙනෙක්ද? කීපදෙනෙක්ද?
ලකෆ්‍රෑන්ස් එක්කෙනෙක් වෙන්නත් පුළුවන්, කීපදෙනෙක් වෙන්නත් පුළුවන්. කැමති කෙනෙක්ට ලකෆ්‍රෑන්ස් එක්ක එකතු වෙන්නත් පුළුවන්.

ලකෆ්‍රෑන්ස් කියවන්නේ කොහොමද?
ලකෆ්‍රෑන්ස් ලියන්නේ මෙතන විතරයි. මෙතනින් කියවන්න.
ලකෆ්‍රෑන්ස් තාම සින්ඩිකේටර එකකවත් නැහැ. ඒවාගේ සාමාජිකත්වය ගන්න ලකෆ්‍රෑන්ස්ට උදව් කරන්න.
ලකෆ්‍රෑන්ස්ගේ පෝස්ට් බෙදාගන්න.

ලකෆ්‍රෑන්ස් කොච්චර කල් ඉඳීවිද?
මඩ ගැසීම වෙනුවට සැබෑ ඇනෝනිමස් බ්ලොග් කලාවක් පටන් ගන්න තුරු ඉඳීවි. ඒක සතියක්, මාසයක්, මාස හයක්, අවුරුද්දක් හෝ ඊටත් වැඩි වෙන්න පුළුවන්.

ලකෆ්‍රෑන්ස් අමතන්නේ කොහොමද?
විද්‍යුත් තැපැල් ලිපිනය. laka.france@ymail.com ලකෆ්‍රෑන්ස්ට මේල් කරන්න.
ලකෆ්‍රෑන්ස් මූණුපොතේ ඉන්නවා. ලකෆ්‍රෑන්ස්ව යාළුවෙක් කරගන්න.

ලකෆ්‍රෑන්ස්ට සහය දෙන්න.
ලකෆ්‍රෑන්ස්ව ප්‍රසිද්ධ කරන්න.
හැමෝවම ලකෆ්‍රෑන්ස් ගැන දැනුවත් කරන්න.
ලකෆ්‍රෑන්ස් ඉන්නේ ඔබ වෙනුවෙන්.

11 Responses to කව්ද මේ || මොකක්ද මේ || ලකෆ්‍රෑන්ස්!!!!!

  1. නිර්නාමික පවසයි:

    අනේ කතන්දරකාර ලකප්‍රෑන්ස්.උඹට සුබ දවසක්

  2. නිර්නාමික පවසයි:

    //ණයට ගන්නවා හැබැයි ණය දෙන්නෙ නෑ. ගත්තු ණය නම් ලොවෙත් දෙන්නෙ නෑ.//
    ….hik…hik…hik…

  3. ka පවසයි:

    මොකා ආවත් වරිගෙ නසනවානම් අපිට ලොකු නෑ මචෝ. එකෙන්ම කියන්නේ.
    මේ ලක, ප්‍රෝෆයි කාරයෙකුට කුණු අබ්බෙන් බැනලා තියෙනවානම් ඒවා අයින් කරන්න කියලා උඹෙන් අඩන්න ඕන නෑ. උබ බොගක් කරනවානම් අහවල් සදාචාරයවත් යන්තම් තියා ගනිං. නැත්නම් තහනම් වචනේ කියනවා වාගේ උබ ලැට් එකක් වෙයි.
    කොහොම උනත් ඔබ ගැන දන්නේ නෑ. අපි ඉස්සරහට යමු.
    ඔව් පිළිගන්න සභාව අත්පොළසන් දී මේ සාටකේට යටවූ ගෝල් දේශේ අළුත්ම බොග කරු ලකෆ්‍රැන්ස්………..

    • ඔය කියන තහනම් වචන ලොකුද නැද්ද කියන්න අපිනම් දන්නෙ නෑ.. හැබැයි මහත්තයෝ බොගට යට වූ බොක්කරුවෝ ගැන ලියන්න ඕනේ දේවල් ඒ විදියට ලිව්වම ඒකෙ ඇති වැරැද්ද මොකද්ද ආයිබෝං…

  4. wicharaka විචාරක පවසයි:

    තව ටිකක් ඉදිරියට යන්නකෝ තව හඳුනාගන්න.

  5. පින්ග්කිරීම: ආවා! | ලකෆ්‍රෑන්ස්

සමා වෙන්න කොමෙන්ටු මොඩරේට් කරමි. ඇනෝ අදහස් දැක්වීමේ අයිතිය එලෙසම පවතිනු ඇත.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )