ආවා!

photoහැමෝටම හතර වටේ මඩ ගහ ගහා හිටපු ලකෆ්‍රාන්ස්ට පොඩි ආසාවක් ආවේය. එනම් ඉඳලා හිටලා වත් තමන්ට මඩක් ගහ ගන්නේ නම් කෙතරම් අගනේ ද කියා ය. කොහොමත් ලකා කරන්නේ අනුන්ට මඩ ගැසීම ම පමණක් ය. දිට්ඨ ධම්ම වේදනීය කරුමය කියා එකක් තිබේ යැයි ලකා ගේ ආච්චි අම්මා කියනු ලකෆ්‍රෑන්ස්ට හීනෙන් වගෙ මතක ය. මේ සිද්ද වන්නේ ඒක දැයි ලකෆ්‍රෑන්ස්ට හරියටම නිනව්වක් නැත්තේ ය. කොහොමත් නහයට උඩින් වතුර ගියාට පසුව කොණ්ඩය තෙමුණත් නැතත් ඒකෙන් වන කජ්ජක් ද නැත්තේ ය.

ලකෆ්‍රෑන්ස්ට තමන් ගැන කියන්නට බොහෝ දේ ඇත්තේ ය. කොහොමත් ලකෆ්‍රෑන්ස් පහුගිය කාලයේ බ්ලොග් අවකාශය තුළ කළ කී දෑ නිසා බ්ලොග් ලියන්නෝ ද, කියවන්නෝ ද, ලකෆ්‍රෑන්ස්ගේ හැටි දැනගෙන ඇතුවා ඇතැයි කියා සිතීම සාධාරණ ය. ඒ කතා කොහොම වෙතත් ලකෆ්‍රෑන්ස්ට තමන් ගැනම කුප්ප කතාවක් කියා ගන්නට, නැතිනම් තමන්ටම මඩක් ගසා ගන්නට ඇති අයිතිය කාටවත් වළක්වන්නට බැරිය.

ලකෆ්‍රෑන්ස්ට ද කුඩු දුමියා ට වාගෙ පොඩි ලෙඩක් ඇත. ඇත්තම කිව්වොත් ලකෆ්‍රෑන්ස්ට ලෙඩ ගොඩක් ඇත. ලකෆ්‍රෑන්ස් යනු ලෙඩ වාට්ටුවකි. ඉන් බහුතරය මානසික රෝග ය. ලිංගික ඊර්ෂ්‍යාව, කුහකකම, මඩ ගැසීමේ ආශාව වැනි ලෙඩ ඇරුණාම ශාරීරිකව ලකෆ්‍රෑන්ස්ට වෙනම ම ලෙඩ කීපයක් තිබේ. ප්‍රජනක පද්ධතිය අත හැරියාම ලකෆ්‍රෑන්ස්ට ඉතා දරුණු ගණයේ අමතක වීමේ රෝගයක් තිබේ. එම නිසා ලකෆ්‍රෑන්ස්ට ලකෆ්‍රෑන්ස් ගැන අමතක වූ දේ තිබේ නම් laka.france@ymail.com යන ලිපිනයට මේල්ලුවක් එවන මෙන් ලකෆ්‍රෑන්ස් ඉතා කාරුණිකව බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ය. ලකෆ්‍රෑන්ස්ට අනිත් මේල්ලුවට එක එක ජාතියේ කේළම් ඕපාදූප ජංගි වළි යනාදී මෙකී නොකී සෑම සකලවිධ කුණු කන්දලයක්ම ලියා එවමින් ලකෆ්‍රෑන්ස් දිරිමත් කළ අයියලා අක්කලා (සහ කබ්බොත් කමක් නැත) සෑම දෙනාටම මේ දෙවෙනි එකටද මේල්ලු එවිය හැකිය.

කළිනුත් කිව්වා වගේ ලකෆ්‍රෑන්ස් යනු බරපතළ ලිංගික අහේනියකින් පෙළෙන සහ එනිසා හටගත් තදබල ඊර්ෂ්‍යාවකින් පැසවන එකෙකි. කොටිම්ම ලකෆ්‍රෑන්ස් යනු කබ්බන්ගෙත් කබ්බෙකි. ලකෆ්‍රෑන්ස් පොඩි කාලේ පටම්ම කෙල්ලන් දිහා පුදුම කෑදර කමෙන් බලන්නට පුරුදු වී සිටි අයෙකි. ලකෆ්‍රෑන්ස් හට අක්කලා නංගිලා නැත. එනිසා ගැහැණු ජීවියා සමග සම්බන්ධ මුළු ක්‍රියාදාමයම, ලකෆ්‍රෑන්ස් හට අබිරහසකි. කොයිතරම් අබිරහසක් ද කියන්නේ නම් නිකම් අඳුරුයි ගුප්තයි.. නිකං ලෙනක් වගේ රයිට්?

කොයි හැටි වෙතත් කොල්ලා ගැටයා වූ පසුව ලකෆ්‍රෑන්ස් කෙළ හළ හලා හිටි සුරූපී කෙල්ලෝ සේරෝම ටික හැන්ඩි කොල්ලන් සහ ස්මාර්ට් කොල්ලන් ගේ කරේ එල්ලුණෝය. ලකෆ්‍රෑන්ස් හිතං උන්නේ මේ ඔක්කොම ටික අදින්නට තරම් තමා බුවා කියා ය. ඒ නිසා ලකෆ්‍රෑන්ස් හැමදාමත් මුන්ගේ දුග්ගන්නා රාළ වගේ මුන්ගේ කඳුළු කතා අහගෙන උන්නේ ය. හැබැයි එහෙම උන්නාට ලකෆ්‍රෑන්ස් කවමදාකවත් මේ කෙල්ලක ගේ අතින් අල්ලා හෝ නැත්තේ ය. ඉතිං ලකෆ්‍රෑන්ස් ගේ සිහින ලෝකය ඇස් ඉදිරියේම බිඳ වැටීමත් සමග, ලකෆ්‍රෑන්ස් හට නොලැබෙන ලිංගික තෘප්තිය ලබන අනික් කොල්ලන් ගැන ලකෆ්‍රෑන්ස් හට පුදුම ඇම්මක් සහ ජෙලසියක් හට ගත්තේ ය.

ලකෆ්‍රෑන්ස් බඩුකාරයින් කියා කොල්ලන් හංවඩු ගහන්නට පටන් ගන්නේ මෙන්න මෙකී ඉතිහාසය තුළ ය. තමන්ට අදින්නට තියා හීනෙන් ලංවන්නට වත් හිතන්නට බැරි කෑලි, සහෝදර බ්ලොග් කරුවන් විසින් පරිහරණය කරන අයුරු දකින විට ලකෆ්‍රෑන්ස් ගේ මවිල් කෙළින් වන්නේය. ආශ්චර්යය හසන්ත මහත්තයෝ ආශ්චර්යය කියා කියවෙන්නේ ය. ඒ නිසා ලකෆ්‍රෑන්ස් එම සහෝදර බ්ලොග් කරුවන්ට මඩ ප්‍රහාර දියත් කරන්නට පටන් ගත්තේ ය. කොහොමත් ලකෆ්‍රෑන්ස් වංකය. හැබැයි ඒක කෙළින් කියන නිසා අවංකය. මෙව්වා මෙහෙම පහදන්නට බැරි ය. පට්ටම ගැඹුරු ය. එනිසා සහෝදර බ්ලොග් කරුවකු අහවලාව බැන්දාය, අරූ මේකිට ගැහුවාය, අරකි මූ එක්ක සැතපුණාය, අහවල් ගෙට්ටුවෙදී අරකි මූ එක්ක හිටියාය කියා කියන විට කවමදාකවත් ලකෆ්‍රෑන්ස්ට ලැජ්ජාවක් කියා එකක් ඇති වන්නේ නැත. ඇනෝ කියා එකක් ඇත්තේ ඒකට ය. ඕක පොරොවා ගත්තාම ලකෆ්‍රෑන්ස් වැනි බල්ලෙකුට වුණත් සිංහ නාද කරන්නට පුළුවන් වන්නේ ය. ඇනෝ උඩ දැමීමේ අරමුණ ඒක ය. නැතුව සැබෑ ඇනෝ කලාවක් ගැන ලකෆ්‍රෑන්ස් දන්න බිජ්ජක් නැත්තේ ය.

දැන් ඉතිං ලකෆ්‍රෑන්ස් ගේ මානසික තත්වය සක්සුදක් සේ රෙද්ද ගළවා පෙන්නා පැහැදිලි කොට හමාර බැවින් දැන් කරන්නට ඉතිරිව ඇත්තේ එක වැඩකි. ඒ මෙන්න මේකය. මේ බොග කෙල්ලෝ ද බලන බව ලකෆ්‍රෑන්ස් දන්නේ ය. ඉන් බහුතරයක් පට්ට කෑලි ලෙස ලකෆ්‍රෑන්ස් ට පෙනෙන්නේ ය. කොහොමත් කෙල්ලෙක් යන්තම් ඩීප් කට් එකට බ්ලවුසයක් ඇඳ සිටියත් ලකාට සරමේ යන්නේය. ලකාට සතියක් හස්ත කරුමාන්ත කොරන්නට කෙල්ලෙක් යන්තම් දනිස්සට අඟලක් උඩින් සයක් ඇන්දත් ඇති ය. එබැවින් මේක බලන කෙල්ලෝ, මොකෙක් හෝ වේවා, ලකෆ්‍රෑන්ස් ගේ ලිංගික අහේනිය පියවන්නට අනුකම්පාවෙන් ඉදිරිපත් වේ යයි ලකා ආයාචනා කරන්නේ ය. වැඩිය මුකුත් ඕනේ නැතිය. ලකෆ්‍රෑන්ස්ගේ ලඟට ඇවිත් කම්මුල අතගා අතින් අල්ලා කම්මුලට තොත්තුවක් දුන්නාම හොඳටම ඇතිය. ලකාට එතනම පහවන බව සිකුරටම ෂුවර් ය. අන්න ඒ පිංකම කරගෙන ජාති ජාතිත් පළදෙන මහානුභාව සම්පන්න පිංසිත් වඩාගෙන ලකෆ්‍රෑන්ස්ගේ අහේනිය පියවා ගන්නට උදව් වන මෙන් මේ බොග බලන සියලුම ඉස්තිරියා පරාණීන් ගෙන් ලකා නැවත නැවත ඉල්ලා සිටින්නේ ය.

ප.ලි: පෙනුම ගැන කරදර වන්නට ඕනෑ නැත්තේය. නාඩි වැටේ නම් එච්චරය.

Advertisements

About ලකෆ්‍රෑන්ස්

සිංහල බ්ලොග් අවකාශයේ ඇනෝනිමස් අදහස් අයිතිය වෙනුවෙන් නයි නැති, බොරු නැති, වංචාව නැති, පොරටෝක් නැති, බෙලිකැපිලි නැති, බ්ලොග් කලාවක් උදෙසා කැපවෙමි.
This entry was posted in ස්වයං මඩ and tagged , , . Bookmark the permalink.

එක් අයෙකු ආවා! සදහා ප්‍රතිචාර දක්වා ඇත

සමා වෙන්න කොමෙන්ටු මොඩරේට් කරමි. ඇනෝ අදහස් දැක්වීමේ අයිතිය එලෙසම පවතිනු ඇත.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )